Friday, November 9, 2018

කිසිවෙකුට ඔබගේ හැඟීම් නොපවසන්න
කිසිවිටෙකත් තර්ක නොකරන්න
කිසිවෙකුගෙන් සැනසීම බලාපොරොත්තු නොවන්න...

ඔබගේ සැනසීම ඔබම වන අතර 
ඔබගේ සිත සනසාගත හැක්කේ
 ඔබටම පමණක් බව සිහියේ තබාගන්න..

                         ❤ ❤ ❤ 






Thursday, August 2, 2018

සිංහරාජ වනාන්තරය


    හෙක්‌ටයාර් තුන්දහසක්‌ පමණ පුරා පැතිරී ඇති ලෝක උරුමයක්‌ ලෙස නම් කර තිබෙන සිංහරාජ වනාන්තරය වේගයෙන් විනාශයට ගොදුරු වෙමින් පවතී. ශ්‍රී ලංකාවටම පමණක්‌ ආවේනික වූ ශාක වර්ග 448 ක්‌ ද ආවේනික සත්ව විශේෂ 137 ක්‌ද සිටින සිංහරාජ වනාන්තරයේ සිටින ආවේනික සත්ත්ව විශේෂ 17 ක්‌ ලෝකයේ වෙනත් කිසිදු තැනකදී වාර්තා නොවන තරම්ය.
සමකයට ආසන්න උෂ්ණාධික රටක්‌ වන ශ්‍රී ලංකාව එම දැඩි උෂ්ණත්වයෙන් ආරක්‍ෂා කර මිනිසා ඇතුළු ජීවීන්ගේ පැවැත්ම සඳහා සුදුසු පරිසර උණුසුම සමතුලිත කරදීම උදෙසා සිංහරාජ වනාන්තරය නිහඬව ඉටු කරන්නා වූ මෙහෙවර සුළු පටු නොවේ.

  මිනිසා ඇතුළු ජීවීන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය වන ජලය ලබා ගැනීම සඳහා කලට වැසි ලබා දෙන්නේත්, උල්පත් ජලය සංරක්‍ෂණය කරනුයේත් ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය වනාන්තරය මගිනි. මේ වන විට මිනිස්‌ ක්‍රියාකාරකම් හේතුවෙන් තෙත් කලාපීය වනාන්තර ප්‍රමාණය කිලෝ මීටර් 1415 ක්‌ තරම් කුඩාවී තිබේ. මෙය ශ්‍රී ලංකාවේ සමස්‌ත භූමි ප්‍රමාණයෙන් සියයට 2.14 කි.කිසිවකුගේත් පිහිටාධාරයක්‌ නොමැතිව මිනිසුන්ගේ බරපතළ කෙනෙහිලිකම් මධ්‍යයේ ඉතා අසීරුවෙන් ප්‍රාණය රැක ගනිමින් මිනිසා ඇතුළු ජීවීන්ගේ පැවැත්ම උදෙසා කැපවී සිටින සිංහරාජ වනාන්තරය අද බරපතළ ලෙස විනාශවීමේ තර්ජනයට මුහුණපා සිටී. පසුගිය දිනවල සිංහරාජ යෝජිත වන රක්‍ෂිතය හරහා ඉදි කිරීමට සැලසුම් කළ මාර්ග පද්ධතිය එම විනාශයෙන් සැලකිය යුතු ප්‍රමාණයකට වගකිව යුතුය.


   සිංහරාජ රක්‍ෂිත වනාන්තරයත්, සිංහරාජ යෝජිත වන රක්‍ෂිතයත් අතර ඇති කුඩා ඉඩ ප්‍රමාණයේ මෑත ඉතිහාසයේ පවුල් දෙක තුනක්‌ පදිංචි කරවමින් ඔවුන්ගේ ගමන් පහසුව සඳහා යෑයි කියමින් කැලෑ එළි කරමින් කොන්ක්‍රීට්‌ පාරක්‌ නිර්මාණය කිරීමට ප්‍රදේශයේ දේශපාලන බල අධිකාරිය විසින් පියවර ගනු ලැබීය. එම මාර්ගය සිංහරාජ වනාන්තර මායිම ආසන්නය දක්‌වාම ඉදිකර තිබේ. මුලින් මෙය සැලසුම් කර තිබුණේ සිංහරාජ රක්‍ෂිතයට අනුබද්ධ බෙරගල මූකලාන යෝජිත රක්‍ෂිතය හරහා ඉළුඹකන්ද ගම්මානය දක්‌වා වනාන්තරය දෙකඩ කරමින් මාර්ගයක්‌ ඉදිකිරීමය. පරිසර සංවිධානවල හා පාරිසරික මාධ්‍යවේදීන්ගේ දැඩි විරෝධය හේතුවෙන් එම ඉදිකිරීම් වනය මායිමෙන් නැවතිණි. එහෙත් මේ වන විට එම මාර්ගය කෙළවරේ සිංහරාජ වනයට ඉතාම ආසන්නයේ අනවසරයෙන් පදිංචිව සිටින එකම මිනිස්‌ පවුල උසිගන්වමින් ඔවුන්ගේ ඉල්ලීම යෑයි රටට පෙන්වා දෙමින් එම මාර්ගයේ ඉදිකිරීම් වනය පසාරු කරමින් සිදු කිරීමට ප්‍රාදේශීය දේශපාලන බලපුළුවන්කාරයන් ගත හැකි සෑම පියවරක්‌ම ගනිමින් සිටී.




     මෙම යෝජිත මාර්ගය සිංහරාජ රක්‍ෂිතයට මායිම්ව ඇති බෙරගල මූකලාන යෝජිත රක්‍ෂිතය හරහා ඉදිකිරීමට සැලසුම් කර තිබේ. එහි දුර කිලෝ මීටර් 10 කි. යම් හේතුවකින් මෙම මාර්ගය ඉදි කළහොත් වනය මැදින් ගලා යන පෙත්තදොල හා නෙළුකැටියාවල දොළ හරහා පාලම් ඉදිකිරීමට ද සිදුවනු ඇත. මෙම මාර්ගයට යටත් වන ප්‍රදේශ වන්නේ හඳපාන් ඇල්ල, සූරියකන්ද, හිමිදිරි ප්‍රදේශය, රක්‌වාන කඳුවැටි ආදියයි. ඒ ආශ්‍රිතව පමණක්‌ ශ්‍රී ලංකාවට ආවේනික වූත් ලෝකයේ වෙනත් කිසිදු රටක හෝ ස්‌ථානයක හෝ නැති ජීවී විශේෂ 8 ක්‌ ජීවත් වනු ඇත. ඔවුන්ට මෙම ඉදිකිරීම් බරපතළ තර්ජනයකි.

   මෙවැනි මාර්ගයක්‌ ඉදි කිරීමට ඇති අවශ්‍යතාව කුමක්‌දැයි ප්‍රාදේශීය දේශපාලකයන් විස්‌තර කරනුයේ පොතුපිටිය හා ඉළුඹකන්ද අතර ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට තම ඕනෑ එපාකම් ඉටුකර ගැනීම සඳහා සූරියකන්දට යායුතු බවයි. එසේ වුවත් සූරියකන්ද ප්‍රදේශය ජන අවශ්‍යතා සපුරා ගත හැකි තරම් සරුසාර හා පහසුකම් සහිත ප්‍රදේශයක්‌ නොවන බව එහි යන ඕනෑම කෙනකුට දැකගත හැකි වනු ඇත. පොතුපිටියේ සිට රක්‌වානට යැමට පහසුකම් සහිත මාර්ගයක්‌ ඇති අතර රක්‌වාන ප්‍රදේශයේ ජන අවශ්‍යතා සපුරාගත හැකි තරම් ප්‍රමාණවත් භාණ්‌ඩ හා සේවා ද පවතී. අනෙක්‌ කාරණාව වන්නේ පොතුපිටියේ සිට ඉළුඹකන්ද දක්‌වා දැනට කොන්ක්‍රීට්‌ මාර්ගයක්‌ සාදා ඇති ප්‍රදේශයේ ජීවත් වන්නේ කුඩා ජන කණ්‌ඩායම් කිහිපයක්‌ පමණි. ඔවුන්ද වසර පහක පමණ ඉතා කෙටි කාලයකදී එම ප්‍රදේශ ආක්‍රමණය කළ අනවසර පදිංචිකරුවන්ය. සිංහරාජයට ආසන්නයේ ම ඉළුඹකන්ද ප්‍රදේශයේ පිහිටා ඇත්තේ එක්‌ නිවසක්‌ පමණි. එම යෝජිත මාර්ගය රක්‍ෂිතය හරහා ඉදි කරන්නට ප්‍රදේශයේ දේශපාලනඥයන් උත්සාහ දරන්නේ එකී නිවැසියන් වෙනුවෙන් උපන් දයානුකම්පාවෙන් ඔවුන්ගේ උවමනා එපාකම් වෙනුවෙන් සත්භාවයෙන් නම් කළ යුතු වන්නේ එම එකම පවුල වනාන්තර ප්‍රදේශයෙන් ඉවත් කර පහසුකම් සහිත ප්‍රදේශයක ඔවුන් පදිංචි කරවීමය. එහෙත් එසේ නොකර එම අහිංසක පවුල ඇපයට තබමින් මෙම දේශපාලන බලධාරීන් සිදුකරගෙන යන්නේ සිංහරාජය හූරාකමින් තමන්ගේ බඩ වඩා ගැනීම නොවේ දැයි අපට ප්‍රශ්න කිරීමට සිදුවේ.


   දැනටමත් සිංහරාජ වන රක්‍ෂිතයත්, බෙරගල මූකලාන යෝජිත රක්‍ෂිතයත් ඉතා සූක්‍ෂම අයුරින් කාබාසිනියා කරමින් තිබෙන බව පරිසර සංවිධාන එකමුතුව පෙන්වා දෙයි. වනය ඇතුළට තේ වගාව ව්‍යාප්ත කරමින් මුලින් යටි වගාවද පසුව මහා රූස්‌ස ගස්‌ ද කපමින් අති විශාල කැලෑ ප්‍රදේශ එළිපෙහෙළි කරමින් තිබේ. වනය මැදින් මාර්ගයක්‌ ඉදිකිරීමෙන් අත්වන වාසිය වන්නේ මාර්ගය දෙපස වනය ඉතා පහසුවෙන් ඉවත්කරමින් මුළුÊවනාන්තරය පුරා පැතිර යන පරිදි තේ වගාව ඉතා පහසුවෙන් පෝෂණය කළ හැකි වීමයි.

Monday, July 30, 2018


ආයුර්වේද වෛද්‍ය ක්‍රමය
   ආයුර් යනු ආයුෂයයි වේද යනු විද්‍යාවයි යහපත්ව ජීවත් වීමේ විද්‍යාව ආයුර්වේදයයි.ආයුර්වේදයේ මූලාරම්භය පිලිබඳ අවිනිශ්චිත බවක් දැනුනත් මිනිසා ගහ කොළ හා බද්ද වූ ආදිතම යුගය දක්වා ආයුර්වේදයේ ඉතිහාසය විහිදෙතැයි සිතිය හැක.
ඇසලත්බැලතනමුල්දෙකසමගින
නිලකටරොලුනැතහොත්තලමුල්ගෙන
සීනිදමීපැණිගිතෙලුත්සමගින
බුව, අටලොස්‌කුලමීවිසනැතිවෙන්න

තුන්බෝඅත්තනසහමුල්ගෙනයා
නැවුන්සලකලාමැටිඔඳගෙනයා
කරන්ලිපේඅන්කරදුමේයා
පොවන්කරන්අළුගෙනමෙලෙසේයා

මංචාඩියේබරකිරලාගෙනහෙව
ගිතෙල්දෙමංචාඩියසහවළඳව
අත්දුටුබේතකිපෙරඉසිපැවසුව
දැනගෙනනැතිමූසිකවිසිකරසුව

    ආයුර්වේදයේ නිර්මාතෘවරයා ලෙස සැළකෙනුයේ ධන්වන්තරි මහ ඍෂි තුමාය. මෙතුමා විසින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය භාරතයේ ව්‍යාප්ත කරනු ලැබුඅතර එයින් වර්ෂ 400කට පමණ පසු උත්තර භාරතයේ ජනයා අතර උග්‍ර අයුරින් ලෙඩරෝග පැතිර යන්නට විය. එයින් පීඩාවට පත් ජනතාවට සෙත සැළසීම පිණිස එකල ජීවත්වූ මහා ඍෂිවරුන් හිමාලය පාමුල පංච නදී තීරයට එක්රැස්ව මෙය සඳහා පිළියම්සෙවූහ. එහි දී ගත් තීරණයකට අනූව භාරද්වාජ නම් මහ ඍෂිවරයාණන්ව ඉන්ද්‍රභවනයටයවා තිබේ. යථෝක්ත අවශ්‍යතාවය උදෙසා ප්‍රතිකාර පද්ධතියක් හදාරා ඒමටඉන්ද්‍රභවනට පිවිසි භාරද්වාජ මහා ඍෂිතුමා ඉන්ද්‍රදේවයාගෙන් ආයුර්වේදයමැනවින් හදාරා නැවතත් භාරත දේශයට සම්ප්‍රාප්ත වී ඇත. නැවතත් රැස් වූ මහාඍෂි සමුළුවේ දී භාරද්වාජ මහා ඍෂි තුමා තමන් උගත් ශාස්ත්‍රය සෙස්සන්ට දප්‍රගුණ කරවා ඇත. ඉන්දියානු දේශීය වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය බුද්ධ වර්ෂ 3000තරම් පැරණිඅතීතයක් ඇති ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තරම් ඈත අතීතයකට දිවෙයි. මොහෙන්ජෝදාරෝහා හරප්පා යන ඉතා හොදින් නගර නිර්මාණයක් සහිත වු ශිෂ්ටාචාරයන් මගින්ඉන්දියාවෙහි සශ්‍රික සංස්කෘතික උරුමයන් පිළිබදව සහ වැඩි දියුණු වුසනීපාරක්ෂක ක්‍රම සහිත සෞඛ්‍ය සේවයක් තිබු බවට සාක්ෂි ලබාදේ. හරප්පා නගරවලින් සොයා ගන්නා ලද නටඹුන් අනුව එහි වෛද්‍ය විද්‍යාව පැවති බවට සාක්ෂි ඇත.බුද්ධ වර්ෂ 1200 සහ 700 යන කාල වලදී චතුර්වේදයන් නිර්මාණය වුණි. රෝග පිළිබද විස්තරය, ශාක සාර ඖෂධ සහ ඒවායින් ලබාදෙන ප්‍රතිකාර ක්‍රම එම වේදහතරෙහිම විස්තර කෙරුණද ඍග් වේදයෙහි විශේෂිත සටහනක් ඇත. අතර්වන’ වේදයෙහි ශාකසාර ඖෂධ පිළිබද වර්ණනාත්මක ස්තෝත්‍ර අන්තර්ගතය. බොහෝශාක වලට දෙවියන්ට මෙන් නමස්කාර කර යාඥා කරන ලදී. මීට අමතරව සෙංගමාලයට සහවිවිධ ප්‍රවේනි ගත රෝග සදහා ප්‍රතිකාර කිරීමට විවිධ මන්තර වර්ග භාවිතාකෙරිණි. රෝග සුව කිරීම සදහා කරන ලද මැතිරීම් භයිසජ්ජ්‍යම් නම් වන අතරදීර්ඝායුෂ සහ සමෘද්ධිය ලබාදීම සදහා කරනු ලබන මැතිරීම් ආයුශ්‍යම් නම් වේ.මේවා අතුරින් ආයුශ්‍යම් පසුකාලීනව වෛද්‍ය විද්‍යාවේ දියුණුව සදහා උපකාරීවුණි.නාගර්ජුන බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයෙක් සහ විවිධ රෝගාබාධ සදහා නව ඖෂධ සොයා ගත් ප්‍රසිද්ධ ඖෂධ වේදියෙක් ලෙස සැළකේ.
ආයුර්වේදයේ දියුණුවත් සමග ආයුර්වේද විද්‍යාවේ මුලික පදනම වූ ඖෂධීය ගුණ සපිරි පැළෑටි හා තුරු ලතාවනට මිනිස් සමාජයේ වැදගත් තැනක් හිමි විය.ප්‍රාග් ඵෛතිහාසික යුගයේදී සියළුම් ඖසධිය ගුණති පැළෑටි අවට පරිසරයෙන් ලබාගත් මිනිසා පසු කලෙක ඖෂධිය උයන් වතු වගා කිරීමට පෙළඹිණි.
වේද ග්‍රන්ථ වල මෙන්ම බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ ද උයන් වතු පිළිබද සඳහන් කරයි.
එසේ බලන කල ආයුර්වේදය ස්වභාවධර්මයේ අගන තිළිණයක් ලෙසද හැදින්විය හැක.


ආයුර්වේද සම්ප්‍රදායන්

ආත්‍රෙය සම්ප්‍රදාය

ඒ අතර සිටි ආත්‍රෙය නම් මහා ඍෂි තුමා සිසු පරපුරක් බිහි කර ගනිමින්ආයුර්වේදයේ එන කාය චිකිත්සාවට ප්‍රමුඛත්වය ලබා දෙමින් අෂ්ඨ අංගයකින්සමන්විත ආයුර්වේදය ජනතාව අතර ව්‍යාප්ත කොට තිබේ. ආත්‍රෙය මහා ඍෂි තුමාගේමූලිකත්වයෙන් ක්‍රියාවට නැගුණු මෙය ඇත්‍රෙය සම්ප්‍රදාය යනුවෙන් ද හදුන්වයි.මෙහි එන මූලධර්ම ආදී අධ්‍යන අංග ආයුර්වේද නිර්මාතෘ වශයෙන් සැළකෙනධන්වන්තරින් ආයුර්වේද සම්ප්‍රදායට සමාන වේ.
මෙම සම්ප්‍රදායන් දෙක අතර ඇති එකම වෙනස වන්නේ ධන්වන්තරී සම්ප්‍රදායශල්‍ය චිකිත්සාවට ප්‍රධාන ස්ථානය දුන් අතර ආත්‍රෙය සම්ප්‍රදාය කායචිකිත්සාවට ප්‍රමුඛත්වය දීම පමණයි.

කාශ්‍යප සම්ප්‍රදාය

ඒ අතර යථෝක්ත සම්මේලනයේ දී ආයුර්වේදය උගත් කාශ්‍යප මහා ඍෂිවරයා ද සිසුපරපුරක් බිහි කර ගෙන ඇත. එය කාශ්‍යප සම්ප්‍රදාය නමින් හැඳින්විණි.

සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය

ආත්‍රෙය මහා ඍෂිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති වෛද්‍ය අධ්‍යාපනසාකච්ඡාවකට දක්‍ෂිණ භාරතයෙන් අගස්ති මුනිවරයා ද ලංකාවෙන් පුලස්ති මහා ඍෂිතුමා ද සහාභාගී වී ඇත. එහි දී ආයූර්වේදය හැදෑරු අගස්ති මුනිවරයා දක්‍ෂිණභාරතයේ විසු අසුරයන් වෙත පැමිණ එහි සුලභ බෞද්ධ සම්පත් ප්‍රයෝජනයට ගනිමින්වෛද්‍ය ක්‍රමයක් බිහි කොට ඇත. එය සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය යනුවෙන්හඳුන්වයි.
සිද්ධ වෛද්‍ය ශාස්ත්‍රය වනාහි ආයුර්වේදය මෙන්ම සම්පූර්ණ වූ විද්‍යාවකි.ආයූර්වේදයේ කාය චිකිත්සා, ශල්‍ය, ශාලාඛ්‍ය යන අංග තුන එකල ජන සමාජයෙහිබෙහෙවින් ප්‍රචලිතව ඇත. බුද්ධ කාලයේ දී දියුණූ තත්වයක පැවැති ශල්‍ය, ශාලාඛ්‍ය ක්‍රම දෙන භාරතීය බෞද්ධ සමයේ පිරිහීමක් සමගම අභාවයට පත් වී ඇත.
මෙම සම්ප්‍රදාය ද ආයුර්වේදයේ මූලධර්මයන් අනුගමනය කර ඇත. සිද්ධ වෛද්‍යසම්ප්‍රදාය ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ‛සින්දුරම්’ ප්‍රතිකාරය බෙහෙවින් දියුණුවී තිබේ. මෙම සින්දුරම් ප්‍රතිකාරය පසු කාලීනව ‛රස වෛද්‍ය ක්‍රමය’ යනනාමයෙන් ආයුර්වේදයට සංකලනය වී ඇත්තේ තව තවත් දියුණු සොයා ගැනීම්වලප්‍රතිඵලයක් ලෙසටය. මෙම සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය දක්‍ෂිණ භාරතය පුරාමප්‍රචලිත වූවක් ලෙස මෙහි දී හැඳින්විය හැකිය.

හෙළ වෙදකම

සහශ්‍ර  කිහිපයක එහා අතීතයට දිවයන පුරාතන සිංහලවෙදකම ලොව අන් කවර දේශයකටත් වඩා දස දිග කිතු ගොස පතල කරමින් බැබැළිණි.බොහොමයක් දෙනා වර්තමාන ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හා සිංහළ වෙදකම පටලවා ගෙනසිටිති. මේ දෙක, එකක් නොව දෙක තුනක් බව මනා කොට අවබෝධ කර ගත යුත්තේ අප හෙළදිවයිනටම අනන්‍යවූ අනාදිමත් කාලයක සිට පැවත එන පාරම්පරික වෛද්‍යක්‍රමයක් තිබෙන හෙයිනි. වර්තමානයෙහි පාරිභාෂිත ආයුර්වේදය යනු මෙරටට භාරතදේශයෙන් ලැබුණක් විනා, අප මුතුන් මිත්තන්, මහා රාවණා යුගයේ සිට පැවතෙනපුරාණ රජවරුන් කටවහරින්, පුස්කොළ පොතින් ගෙන ආ ශාස්ත්‍රය නොවේමන්ද, වෛද්‍ය ශාස්ත්‍රයෙහි කෙළ පැමිණි වෛද්‍ය විශේෂඥයකුවූ මහා රාවණ රජු විසින් සම්පාදිත ඖෂධ ක්‍රම, ගණනින් දහසකුත් දෙකක් අඩංගුරාවණ අධිරාජප්‍රණීත අර්‍කප්‍රකාශය නම් ග්‍රන්ථයක ඇතඋතුරුඉන්දියානු ශිෂ්ඨාචාරය ඇසුරෙන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත්, දකුණු ඉන්දියානුශිෂ්ඨාචාරය ඇසුරෙන්සිද්ධායුර්වේද වෛද්‍ය ක්‍රමයත් ව්‍යාප්ත වි ඇති අතරහෙලදිව ඇතිවූ ශිෂ්ඨාචාරය තුළින් අපේ සිංහල වෙදකම බිහිවී ඇති බවට පැරණි ‍පතපොත සාක්ෂි දෙයි.ආදී වෙදැදුරාණන් කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව, පංචශීලය පවා දිවි හිමියෙන්රකිමින් සැබෑ සත්පුරුෂයන් ආකාරයෙන් ආතුරයන් කෙරේ ඇති දයානුකම්පාවෙන්ම මේශාස්ත්‍රයෙහි ප්‍රගුණ කළාහු ඒ ඇසුරෙන් ප්‍රමාණවත් තරම් දක්ෂ ගෝලයන් පවාමෙරටට තනවා දී ජනයාගේ යහපත පිණිස යෙදෙව්වාහුය. මා මෙම පිටුවේ පළ කරන්ටනියමිත ඇතැම් බේත් ක්‍රම උඩරට සත් කෝරළේ පළාතේ ව්‍යවහාර වූ දෙයින් පත පොතටනගා ගත් පරිද්දෙන් වෙයි. I වන රාජසිංහ රජු හින්දු ලබ්ධිය වැළඳගැනීමෙන් පසුත්‍රිසිංහලයෙහි වූ අගනා ග්‍රන්ථාදිය ගිණිබත් කොට, එවන් දේ රහසින් හෝප්‍රවේශම් කරන්නවුන් හට දැඩි දඬුවම් දීමට පෙළඹුණෙන්, එකළ වෛද්‍යාචාරීහුබොහොමයක් වෛද්‍ය පොත් පත් පොළවේ වළලා දැමූ බවත්, එයින්ම හෙළ වෙදකම අභාවයටයෑමට මංපෙත් හෙළි වූ වගත් ඩී. ඇස්. මුණසිංහයන් විසින් 1947දී රචිත සර්‍පවිෂ විද්‍යාව පුස්තකයෙහි සඳහන් වේ. එරජුගේ ඇවෑමෙන් පසු නැවතත් උක්ත වෙදපරම්පරා වල ශේෂ වුවන් මෙම ශාස්ත්‍රය නගා සිටුවීම‍ට උත්සාහ කර ඇත. එතැන්පටන් කටවහරෙන් හා භාවිතයෙන් පරම්පරානුකූලව පැවති මේ ශාස්ත්‍රය නැවතත්ලේඛනගත කර, ලක්වාසී ජනතාවගේ සුභසිද්ධිය පිණිස යොදා ගත් බව පෙනී යයි.සර්‍ප විෂ වෛද්‍ය විද්‍යාව, හන්දි වෙදකම, ඇස් වෙදකම, අත් බෙහෙත්, උමතුවෙදකම, මාන්දම් වෙදකම, පිළිකා වෙදකම, ශල්‍ය වෛද්‍යවෙදකම යනාදී අංශයන්ගෙන්අංග සම්පුර්ණ වූ අති විශිෂ්ට වෛද්‍ය ක්‍රම රැසක් අප මුතුන් මිත්තන් සතුවපැවැත්තේය

දියවැඩියාවෙහි රෝග ලක්ෂණ


සාමාන්‍ය භාවතයේදී කෙටියෙන් දියවැඩියාව [Diabetes mellitus (DM)] ලෙසද හැඳින්වෙන මධු දියවැඩියාව නොහොත් මධුමේහය ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන්හි අක්‍රමිකතාවයක් නිසා රුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන රෝගී තත්ත්වයකි. (සින්ඩ්‍රෝමයකි) මෙය ඇතිවන්නේ සිරුර තුළ ඉන්සියුලින් නැමැති හෝමෝනය දේහයට නොලැබීමෙනි. මෙම ඉන්සියුලින් හිඟතාවය එම හෝමොනය කෙරෙහි දේහයෙහි ප්‍රතිරෝධතාවයක් නොමැතිව වුවද ඇතිවිය හැකිය. මෙහි ආවේනික රෝග ලක්ෂණයක් වන්නේ රුධිර ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන අධික ලෙස මුත්‍රා පිටවීම, එයට පිළියමක් ලෙස අධිකව ඇතිවන පිපාසය, එසේ ග්ලුකෝස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන ඇස්පෙනීම බොදවීම, පැහැදිලි කළ නොහැකි ආකාරයට සිදුවන බර අඩුවීම හා කම්මැලිකමයි.
 රුධිර ග්ලුකොස් මට්ටම සුළු ප්‍රමාණයකින් ඉහළගොස් ඇති අවස්ථාවන්හිදී ඉහත කී රෝග ලක්ෂණ හොදින් පැහැදිලිව දක්නට නොලැබිය හැකිය. දියවැඩියාවට ප්‍රතිකාර නොලද හොත් නොයෙකුත් සංකුලතා ඇති විය හැකිය. කීටොඇසිඩොසිස් ( ketoacidosis) සහ කීටෝටික නොවන හයිපර්සොමලර් කෝමාව (nonketotic hyperosmolar coma) එසේ ඇතිවිය හැකි දරුණු ඝනයේ සංකුලතා වේ. හෘදයාබාධ, ආඝාතය, වකුගඩු අකර්මන්‍යතාව, පාදයේ ඇතිවන වණ සහ ඇස්වලට ඇතිවන ආබාධ යන ඒවා දියවැඩියාව නිසා ඇති වියහැකි දිගු-කාලීන බරපතළ සංකුලතාවයන් වෙයි.

අධික ලෙස මුත්‍රා පිටවීම, දැඩිලෙස තිබහ ඇතිවීම සහ ආහාර රුචිය වැඩිවීම යනු දියවැඩියාවේ ප්‍රධාන රෝග ලක්ෂණ තුනයි. මෙමගින් නිතර නිතර මුත්‍රා පිටවීම නිසා වරින්වර ජලය පානයට ගැනීම අවශ්‍ය වීම සහ කුසගින්න ඉහළයාමක් සිදුවෙයි. පළමු වන වර්ගයේ දියවැඩියාව ඇති විශේෂයෙන් කුඩා ළමුන්ට ඉහත කී රෝග ලක්ෂණ ඉක්මනින් ඇති වේ. කෙසේ නමුත් දෙවන වර්ගයේ දියවැඩියාව ඇති රෝගීන්ට රෝග ලක්ෂණ මතුවීම පමාවන නමුත් ඇතැම් අවස්ථා වලදී තදින් රෝග ලක්ෂණ නොපෙන්වන අතර විටෙක රෝග ලක්ෂණ නොමැතිව වුවද දෙවන වර්ගයේ දියවැඩියාව ඇති වේ. පළමු වන වර්ගයේ දියවැඩියාවේ දී වේගවත් සහ කැපී පෙනෙන ලෙස බරෙහි අඩුවීමක් සිදුවන අතර ඇග පතෙහි තෙහෙට්ටුවද ඇති වේ. බර අඩුවීම හැරුණු කළ අනෙකුත් රෝග ලක්ෂණ සියල්ලක්ම පාලනය නොකල දෙවන වර්ගයේ දියවැඩියාව ඇති රෝගීන්ට අති විය හැකිය.
රුධිරයෙහි ග්ලුකොස් සාන්ද්‍රණය වකුගඩුවල ග්‍ලුකෝස්වල දේහලීය අගයට වඩා ඉහළ ගිය විට වකුගඩු වල අවිදුර සංවලිත නාලිකාවෙහි ග්ලුකොස් අවශෝෂණය අසම්පුර්ණ වන බැවින් මුත්‍රා සමග ග්ලුකෝස් පිට වේ. මුත්‍රා වල ආශ්‍රැතික පීඩනය ඉහළයාම නිසා වකුගඩු වලින් ජලය ප්‍රතිශෝෂණ කිරීම වැළකීමේන් මුත්‍රා නිෂ්පාදනය කිරීමේ වේගය වැඩි වන අතර සිරුරින් වැඩි වශයෙන් ජලය ඉවත් වෙයි. මෙලෙස ආශ්‍රැතිය නිසා සිරුරේ සෛල වලින් ඉවත් වන තරල පරිමාව මගින් විජලනය ඇති වීම වැළක්වීම සදහා අදාල රෝගියාට නිතරම පිපාසය ඇති වේ.
දිගුකාලීනව රුධිර ග්ලුකෝස් මට්‍ටම ඉහළයාම හේතුවෙන් ඇසෙහි අක්ෂි කාචය තුළට වැඩි ග්ලුකොස් ප්‍රමාණයක් අවශෝෂණය වීමෙන් එහි හැඩය වෙනස් වීමෙන් රෝගියාගේ දෘෂ්ටියෙහි වෙනස්කම් ඇති වේ. ඇස් පෙනීම බොදවීම දියවැඩියාව ඇති බවට හදුනා ගැනීම සදහා වඩාත් බහුලවම දක්නට ඇති රෝග ලක්ෂණයකි. පළමු වන වර්ගයේ දියවැඩියාව ඇති රෝගීන් හට ඉතා ඉක්මනින් ඇස්පෙනීම දුර්වල වන අතර දෙවන වර්ගයේ දියවැඩියාව ඇති අයගේ දෘෂ්ටිය පරිහානියට පත් වනුයේ ක්‍රම ක්‍රමයෙන් දිගුකාලයක් තුළදීය.

සාමාන්‍යයෙන් පළමුවන වර්ගයේ දියවැඩියාව ඇති රෝගීන් දියවැඩියාව නිසා ඇති වන කීටෝන අම්ලතාවය සමග මුල් වරට රෝගය ඇති බවට හදුනා‍ගැනේ. මෙහිදී අදාල රෝගියාගේ පරිවෘත්තීය ක්‍රියාවල අක්‍රමිකතාවයක් ඇති වන අතර රෝගියා හුස්ම ගැනීම වේගවත් හා ගැඹුරු එකක් වන අතර (Kussmaul breathing) හුස්ම වල ඇසිටෝන දුගදක් නිකුත් කරයි. තවද අධිකව මුත්‍රා පිටවීම, ඔක්කාරය, වමනය, උද‍රයෙහි වේදනාව සහ සිහිකල්පනාවෙහි වෙනස් වීම ඇති වේ. කීටෝන අම්ලතාවය වඩාත් දරුණු තත්ත්වයකට පත් වු විට එමගින් කෝමා තත්ත්වයක් ඇති විය හැකි අතර මරණයද ලගා කර දිය හැකිය. මෙය වහා ක්‍රියාත්මක වන පරිදි රෝගියා රෝහල් ගත කර ප්‍රතිකාර ලබාදිය යුතු තත්ත්වයකි.
මේ ආකාරයෙන්ම සමාන බැරෑරුම් තත්ත්වයක් වනුයේ කීටෝන මගින් ඇති නොවන රුධිරයෙහි ආස්‍රැතිය ඉහළයාම මගින් ඇති වන කෝමා තත්ත්වයයි. (Hyperosmolar nonketotic coma) මෙය දෙවන වර්ගයේ දියවැඩියාව ඇති රෝගීන් අතර බහුල වන අතර මෙය ප්‍රධානය ඇති වනුයේ සිරුරෙන් ජලය ඉවත් වීම නිසා ඇති වන විජලනය හේතුවෙනි. මෙහිදී රෝගියා අධිකව සීනි සාන්ද්‍රණයක් ඇති තරල වර්ග පානයට ගනු ලබන අතර විෂම චක්‍රයක් ආකාරයට සිරුරින් තවදුරටත් ජලය ඉවත් වේ.

මාරාන්තික ලිංගාශ්‍රිත රෝග

මාරාන්තික ලිංගාශ්‍රිත රෝගයන්ට ගොදුරුවන්නන්ගේ ප්‍රමාණය දින දින සීඝ්‍ර ලෙස වැඩි වී ඇති බව වාර්තා වේ. රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට වසරකට එච්.අයි.වී. (ඒඩ්ස්) ඇතුළු සමාජ  රෝග නැතිනම් ලිංගික රෝගවලට ගොදුරු වන්නන්ගේ ප්‍රමාණය 6000කට ආසන්නය.
ලිංගික රෝගයන්ට ගොදුරැ වන්නන් අතර වයස අවුරුදු 25 - 49 වයසේ පසුවන කාන්තාවන් සහ වයස  අවුරුදු 15 සිට අවුරුදු 50 දක්වා වයසේ පසුවන පිරිමින් වැඩිපුර වාර්තා වෙන බව වාර්තාවේ. 
මේ නිසා එච්.අයි.වී (ඒඩ්ස්) රෝගය හැර බහුලව වාර්තා වෙන රෝග කිහිපයක් ගැන විස්තර දේශය පාඨක ඔබ වෙත තිලිණ කිරීමටයි මේ උත්සාහය. බහුලම ලිංගික රෝග 5ක් ලෙස,
ගොනෝරියා (සුදු බිංදුම), ලිංගික හර්පිස්, උපදංශය (සිපිලිස්), ලිංගික ඉන්නන් සහ ක්ලැමීඩියා හඳුන්වන්න පුළුවනි. මෙම රෝග සියල්ලක්ම පාහේ ඇතිවනුයේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවලින් බව මතක තබා ගන්න. 
01 - ක්ලැමීඩියා
ක්ලැමීඩියා ට්‍රයිකොමොනාලිස් නම් බැක්ටීරියා මගින් පැතිරෙන මෙම රෝගය, රෝගය සහිත කෙනෙකු සමඟ යෝනි, ගුද, මුඛ සංසර්ගයේ යෙදීමෙන් බෝවේ.
රෝග ලක්ෂණ
ආසාදිතයකු හා ලිංගික කාර්යයේ යෙදී දින හතක් විසි එකක් අතර කාලයේදී රෝග ලක්ෂණ මතුවේ.
ස්ත්‍රීන්ගේ යෝනි ශ්‍රාවයක් ගැලීම හෝ ඔසප් වාර අතර යෝනියෙන් ලේ යෑම.
මුත්‍රා කිරීමේදී දැවිල්ල ඇතිවීම
මුත්‍රා පිටවීම
උදර ප්‍රදේශයේ වේදනාව
ඇතැම්විට උණ සහ ඔක්කාරය
මේ රෝගය නිසා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම වඳභාවයට පත්විය හැක.
ක්ලැමීඩියා රෝගයට ගොදුරු වූ මවකට උපදින දරුවාට ද එය බෝවිය හැක. ලිංගික සහකරුට හෝ සහකාරියට රෝගය බෝවන බැවින්, රෝගය හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත්ය.

02 - හර්පීස් 
හර්පීස් කම්ප්ලෙක්ස් වෛරසය මඟින් පැතිරෙන හර්පීස් රෝගය නිරෝගී කෙනෙකුට බෝවීනම සිදුවන්නේ යෝනි, ගුද හෝ මුඛ සංසර්ගයෙහි යෙදීමෙනි. 
කලාතුරකිකන් ස්පර්ශය හේතුවෙන්ද බෝවීමේ අවදානමක් ඇතිවිය හැකිය. 
රෝග ලක්ෂණ
(ආසාදිතයකු සමඟ සංසර්ගයේ යෙදී දින 1 – 30 අතර රෝග ලක්ෂණ මතුවිය හැක.)
ලිංගේන්ද්‍රය මතුපිට ඇතුළත හෝ මුඛයේ ඉතා වේදනාකාරී කුඩා දිය බිබිළි මතුවිය හැක.
ඒවා මතුපිට කැසීම හෝ දැවිල්ල ගතියක් දැනේ.
මෙම දිය බිබිළි සති එකත් තුනක් අතර කාලයක් පවතී.
උණ
වසා ගැටිති ඉදිමීම හෝ වේදනා දීම
හර්පීස් නිට්ටාවටම සුව කළ නොහැකියි. වෛරසය සිරුර තුළ පවතින බැවින් වරින් වර බිබිළි මතුවිය හැකියි.
රෝගය හටගන්නාවිට දරුවකු කුස පිළිසිඳගෙන සිටිය හොත් උපදින දරුවාට මොළේ උණ සෑදිය හැක. 
03 - ගොනෝරියා/ සුදු බිංදුම
බැක්ටීරියාවක් මඟින් ඇතිවෙන ගොනෝරියා රෝගය ගොනෝරියා සහිත අයකු සමඟ මුඛ හෝ ගුද සංසර්ගයේ යෙදීමෙන් බෝ විය හැක. මෙම බැක්ටීරියාව ගැබ් ගෙල, මුත්‍රා නාල, ගුද මාර්ගය, උගුර සහ ඇසෙහි සිවිය ආදියට ආසාදනය වීමේ වැඩි ඉඩක් ඇති බව වෛද්‍ය විද්‍යාත්මකව පෙන්වා දී තිබේ.
රෝග ලක්ෂණ
(ආසාදිතයකු සමඟ ලිංගික කාර්යයේ යෙදී දින (2-21) අතරදී රෝග ලක්ෂණ මත්වේ.)
ස්ත්‍රීන්ට යෝනියෙන් කහ හෝ සුදු පැහැ ශ්‍රාවය පිටවේ.
මුත්‍රා කිරීමේදී හෝ මළපහ කිරීමේදී දැවිල්ල හෝ වේදනා සහිත බව.
අස්වාභාවික ඔසප් වීම
ඔසප්වීම අතර ලේ පිටවීම
යටි බඩ වේදනාව
කෙණ් ඩ පෙරලීම
ගොනෝරියා රෝගයට ගොදුරු වන පුරුෂයන්ට ශිශ්ණයෙන් කහ හෝ සුදු ශ්‍රාවයක් පිටවීම, මුත්‍රා කිරීමේදී දැවිල්ල හෝ වේදනාවක් දැනීම, නිතර නිතර මුත්‍රා කිරීමට අවශය වීම වැනි රෝග ලක්ෂණ මතුවේ.
ප්‍රතිකාර නොගැනීමෙන් විය හැකි ප්‍රතිඵල
වඩා තදබල ආසාදන ඇති කළ හැකිය.
ප්‍රජනන ඉන්ද්‍රියන්ට හානි පමුණුවයි.
ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම දරුඵල නැතිවිය හැකිය.
ගොනෝරියා සහිත මවක් නිසා දරු ප්‍රසූතියේදී දරුවාගේ ඇසෙහි යෝනි තරල තැවරීමෙන් දරුවාට අන්ධභාවය ඇතිවිය හැක.
04 - සිපිලිස්
ට්‍රෙපෙනිමා පැලිඩම් නැමැති බැක්ටීරියා විශේෂය මඟින් පැතිරෙන සිපිලිස් රෝගය සහිත අයකු සමඟ යෝනි, මුඛ හෝ ගුද සංසර්ගයේ යෙදීමෙන් පැතිරෙයි. මෙහි රෝග ලක්ෂණ අවධි තුනක් යටතේ රෝග ලක්ෂණ ඇතිවේ.
මුල් අවධිය - ආසාදිතයකු සමඟ ලිංගික කාර්යයේ යෙදී දින නවයත් අනූවත් අතර රෝග ලක්ෂණ මතුවෙයි. මුඛයේ, ලිංගේන්ද්‍රයේ, පයෝධර හෝ ඇගිලිවල වේදනා රහිත රත් දුඹුරු තුවාලයක් හෝ තුවාල, ඉකිලිවල වසා ගැටිති ඉදිමීම මෙහි රෝග ලක්ෂණ අතර වේ.
තුවාලය සති එකත් පහත් අතර පවතී. තුවාලය සුව වුව ද ආසාදිතයා රෝගයෙන් පෙලේ.
පළමු අවධියේ දී නිසි ප්‍රතිකාර නොලද විට සති හයකට පමණ පසු රෝගය දෙවන අවධිය කරා යනු ලැබේ. මේවන විට ද්විතීක රෝග ලක්ෂණ මතුවේ.
ශරීරයේ ඕනෑම තැනක හමේ පලු ඇතිවේ. මෙය මුහුණ, ඇඟ, අත්ල, පතුල පිට ආදි ආදි අවයවවල වැඩිදුර දැකිය හැකිය.

05 - ලිංගික ඉන්නන්
හියුමන් පැපිතලෝමා වෛරසය මඟින් ඇතිවෙන රෝගය ලිංගේන්ද්‍රියේ ඉන්නන් සහිත කෙනෙකු සමඟ යෝනි, මුඛ හෝ ගුද සංසර්ගයේ යෙදීමෙන් බෝවේ.
රෝග ලක්ෂණ
ආසාදිතයකු සමඟ ලිංගික කාර්යයේ යෙදී මාසයත්, මාස අටක් හෝ අවුරුදු කිහිපයක් අතරේදී රෝගී ලක්ෂණ මතුවේ.
ලිංගේන්ද්‍රියේ සහ ගුදයේ උඩට නෙරා ගිය කුඩා ඉන්නන් ඇතිවන අතර ඒවා නොවැටී පවතී. ලිංගේන්ද්‍රියේ අවට කැසිල්ලක් හෝ දැවිල්ලක් පවතී.
ඉන්නන් වැටුණු පසු ද වෛරසය ශරීරයේ පවතී. යළි යළිත් ඉන්නන් මතුවිය හැකිය.
ප්‍රතිකාර නොගැනීමෙන්
ඉන්නන් වැඩි වී ඉවත් කිරීම අපහසු වේ. ආසාදිත මවකගෙන් ප්‍රසූතියේදී දරුවාට බෝවිය හැකිය.
ගැබිගෙල පිළිකාවන්ට මුල පෑදිය හැකිවේ.
සැළකිය යුතුය.
ලිංගික රෝග ගොදුරු වන බොහෝ රෝගීන් රහස්‍යභාවය හෙළිවේ යැයි සිතා ප්‍රතිකාර සඳහා යොමු වන්නේ නැත.
නමුත් එලෙස රෝගය සඟවාගෙන සිටීම තවත් රැසකට අත වැනීමක් සේම, සමාජය පුරා පැතිරීමට බලපාන කරුණක් විය හැක. ඉහත රෝග ලක්ෂණයන් දුටු වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත ප්‍රතිකාර සඳහා යොමු වන්න.(උපුටා ගත්තකි)

Monday, July 23, 2018



තෙල් සහ මේදය අධිකව ඇති

සිහිනෙන්වත් නොසිතන ආහාර 

සෑම හොදි වර්ගයකම පාහේ මේදය අධික ප්‍රමාණයක්‌ අඩංගුය. ආහාර පිසීමේදී භාවිත කරන තෙල් වර්ග සහ මිටිකිරි කොටස එකතුවන්නේ හොද්දටය. එසේම ආහාර පිසීමේ ක්‍රියාවලියේ දී භාවිත කරන තාපය නිසා ආහාර කැබලි තුළ ඇති මේද කොටස්‌ ද දිය වී හොද්දට හෙවත් ඉස්‌ම කොටසට එකතු වෙයි. 


මෙහිදී අප දැඩිව වටහාගත යුතු කාරණයක්‌ වන්නේ හොදි ලිහිසි ද්‍රව්‍යයක්‌ ලෙස ක්‍රියා කරන නිසා හොදිත් සමඟ ආහාර ගන්නා විට සැපීමේ ක්‍රියාව නිසි ලෙස සිදු නොකොට ඉතා ශීඝ්‍රයෙන් කෙටි කාලයක්‌ තුළ වැඩි ආහාර ප්‍රමාණයක්‌ ගිල දැමීමට ආහාර ගන්නා කෙනා පෙලඹීමයි. ව්‍යාංජනවල හොද්ද රසයෙන් වැඩි නිසා එම තත්වය තවත් උත්සන්න කෙරෙයි. එනම් හොදිත් සමඟ ආහාර ගන්නවා යනු ඉතා කෙටි කාලයක්‌ තුළ තෙල් වැඩි ආහාර වැඩි ප්‍රමාණයක්‌ කුසට දමාගැනීමය. එය බර වැඩි සහ තරබාරු අයට කිසිසේත්ම ගැලපෙන්නේ නැත. 

හොදි අගුණ යෑයී කී විට හොද්ද හින්දවා ලබාගන්නා වඩා ඝණකම් හොද්ද හෙවත් "බොරය" ආහාරයට ගැනීමට සමහරු පෙලඹේ. එය හොද්දටත් වඩා භයානක බව අප අවබෝධක කර ගත යුතුය. තරබාරු අය අතර වැඩිපුරම සිටින්නේ කාන්තාවන් හෙවත් ගෘහණියන්ය. එය එසේ වීමට හේතු කීපයක්‌ම බලපාන අතර එම හේතු ඉදිරියේදී අපි සාකච්ඡා කරමු. නමුත් ඉන් ප්‍රධානතම හේතුවක්‌ අප මෙම විස්‌තර කරන කොටසට අයත් වන නිසා දැන් එය සළකා බළමු.




නිවසක යම්කිසි වේලකට ව්‍යාංජන 2 ක්‌ හෝ 3 ක්‌ ඉව්වා යෑයි සිතමු. මෙසේ උයන ලද ව්‍යාංජන වල උඩ කොටස්‌ ටික නිවසේ සිටිනා දරුවන්ටත් ගෘහමූලිකයාටත් අනෙක්‌ අයටත් ගෘහණිය විසින් බෙදා දෙයි. ගෘහණියට ඉතුරු වන්නේ අඩියේ ඇති හොදි සහ බොරය අධික කොටසයි. බෙදා අතිරික්‌ත වී ඇති ව්‍යංජනයක්‌ දෙස උඩින් බැලීමෙන් අප කියන මෙම කාරණය මනාව ඔප්පු කර ගත හැකිය. වඩාත්ම රසවත් මෙම අඩියේ හොද්ද, බොරය තැවරී ඇති කොටසෙන් සුළු ප්‍රමාණයක්‌ හෝ අපතේ යනවාට ගෘහණිය කැමති වන්නේ නැත. ඒ නිසා ඇය ඇතිලියත් පිහදාගෙනම ආහාරයට ගනියි. එවිට ඒ හොදි සහ බොරය සහිත තෙල් කොටස්‌ සියල්ලම ගෘහණියගේ ශරීරයට ඇතුළු වෙයි. එසේම ගෘහමූලිකයා සහ දරුවන් ආහාර ගෙන ඉතුරුවන කොටස්‌ ඉවත දමන්නටත් ගෘහණියට දුකය. ඒ නිසා එම අඩු කොටස්‌ ටිකත් යන්නේ ගෘහණියගේ සිරුර තුළටය. එවිට ඇය අන් අය අභිභවා තරබාරු විම ගැන පුදුම විය යුතු නැත. 


මස්‌ සහ බිත්තර

සියලුම මස්‌ වර්ගවල අධික මේද ප්‍රමාණයක්‌ අඩංගු වන අතර ඒ ශරීර සෞඛ්‍යයට ඉතා අහිතකර සන්තෘප්ත සත්ත්ව මේදයයි. එමනිසා ශරීර බර වැඩි අයට මස්‌ ඉතා අහිතකරය. එහෙත් මස්‌ කෑමට දැඩි ගිජුකමක්‌ ඇති එයින් වැළකී සිටීම ඉතා අපහසු අයට හම සහ තෙල් කෑලි ඉවත් කළ කුකුළු මස්‌ අධික නොවන සේ සතියකට වරක්‌ පමණ ආහාරයට එකතු කර ගත හැකිය. එහෙත් හොඳම දෙය මස්‌ වෙනුවට සෞඛ්‍යයට ඉතා හිතකර මාළු ආහාරයට ගැනීමට හුරු වීමයි. එබැවින් අප ඔබට නිර්දේශ කරන්නේ මස්‌ ආහාරයට ගැනීම වෙනුවට මාළු ආහාරයට ගැනීමට හුරුවන ලෙසටයි. 

බිත්තර කහ මදයේ අධික කොලෙස්‌ටරෝල් ප්‍රමාණයක්‌ පවතී. එය එක්‌ කහ මදයක මිලිග්‍රෑම් 250 ප්‍රමාණයකටත් වඩා වැඩිය. එයට අමතරව එහි අහිතකර මේදය ද විශාල ප්‍රමාණයක්‌ එනම් කහ මදයෙන් 18 % ක්‌ පමණ ඇති නිසා බිත්තර බර වැඩි අයට සුදුසු ආහාරයක්‌ නොවේ. බිත්තර කෑමට දැඩි ගිජුකමක්‌ ඇති අයට සතියට දෙතුන් වරක්‌ බිත්තර සුදු මදය ආහාරයට ගත හැකිය. නමුත් කහමදය අහක දමා බිත්තර ආහාරයට ගන්නා කෙනෙක්‌ නැති නිසා අප පොදුවේ බිත්තරවලින් වැළකීමට නිර්දේශ කරමු. එකම නිවසේ කෙනෙක්‌ බිත්තර කහ මදය ඉවත්කර ආහාරයට ගතහොත් බිත්තර ආහරයට ගන්නා වෙනත් කෙනෙක්‌ කහ මද දෙකක්‌ම ආහාරයට ගැනීමට ඉඩ ඇත. එසේ ගන්නා කෙනාට එය අනාගතයේදී ඉතාම අහිතකර ලෙස බලපාන්නට ඉඩ ඇත. බිත්තර නිෂ්පාදකයන් සහ සත්ත්ව නිෂ්පාදන අංශ විසින් බිත්තර සෞඛ්‍යාරක්‌ෂිත සිමාවකින් තොරව ගත හැකි ආහාරයක්‌ සේ හුවාදක්‌වන්නට උත්සාහ කළත් ඒ වෙනුවෙන් ඊනියා විද්‍යාත්මක පර්යේෂණ කතා ඔවුන් කීවත් ඔබ එවැනි ප්‍රචාරවලින් මං මුලා විය යුතු නැත. එසේ පවසන්නන් ඊනියා විද්‍යාත්මක සත්‍යය වෙනුවෙන් මාරාන්තික ලෙස පෙනී සිටින්නන් නොව මහා පරිමාණ සත්ත්ව නිෂ්පාදන බහුජාතික සමාගම් වල සුවච කීකරු ගැත්තන් බව පැවසිය යුතුය.

සියලුම බටර් සහ මාගරින් වර්ග

මේවායේ තනිකරම ඇත්තේ තෙල් සහ මේදය යි. මේවා ග්‍රෑම් 100 ක ශක්‌තිය කිලෝ කැලරි 900 ක්‌ තරම් අධික ප්‍රමාණයක්‌ අඩංගු වෙයි. මේවා කිලෝග්‍රෑමයක්‌ ආහාරයට ගන්නා විට කිලෝකැලරි 9000 ක්‌ ශරීරයට එකතු වී ශරීරයේ බර ද කිලෝග්‍රෑමයකින් වැඩි වෙයි. එමනිසා බර අඩු කර ගැනීමේ යෙදී සිටින අය මේවායින් සම්පූර්ණයෙන්ම වැළකිය යුතුය. බහු අසන්තෘප්ත සූරියකාන්ත ආදී තෙල්වලින් සාදන ලද මාගරින් වර්ග තරබාරු අයටත් ගත හැකියි යනුවෙන් ගෙන යන ප්‍රචාරය ඔබව මහදවල් මුලාකිරීමක්‌ පමණි. අනෙක්‌ අතට බටර් සහ මාගරින් සෑදීමේ ක්‍රියාවලියේදී ශරීර සෞඛ්‍යයට ඉතා අහිතකර zzට්‍රාන්ස්‌ මේද අම්ලZZ නමින් හැඳින්වෙන විකෘති මේද අම්ල විශාල වශයෙන් සෑදේ. තරබාරු අයට ඒවා කිසිසේත්ම ගුණදායක වන්නේ නැත. සාමාන්‍ය අයටත් විකෘති මේද අම්ල දියවැඩියාවේ සිට හෘදයාබාධ හරහා පිළිකා ඇතිවීම ආදී ඉතා භයානක ප්‍රතිඵල අත් කර දෙයි.



අයිස්‌ක්‍රීම්, කේක්‌, පුඩිං, වටලප්පන්, චොක්‌ලට්‌, පැණිරස බිස්‌කට්‌ සහ කිරිපැණි ඇතුළත් ආහාර කාණ්‌ඩය

මෙවායේ තෙල් අධික ප්‍රමාණයක්‌ අඩංගුය. එසේම මේ සෑම එකකම සීනි ද අධික ප්‍රමාණයක්‌ අඩංගුය. මිනිසා ලෙඩ කරවන නරකම සංඝඨක දෙක එනම් තෙල් සහ සීනි උපරිම වශයෙන් අඩංගු වන මේවා බර අඩුකර ගැනීමේ යෙදී සිටිනා ඔබට කිසිසේත්ම සුදුසු නැත. එබැවින් ඔබ මේවායින් සම්පූර්ණයෙන්ම වැළකිය යුතුය. 


මෙම ආහාර ඉතාම රසවත් බව සැබෑය. එයට හේතුව වන්නේ මේවායේ මිනිසුන්ගේ රස නහර උපරිමයෙන්ම උත්තේජනය කරන තෙල් සහ සීනි උපරිමයෙන්ම අඩංගු වීමයි. 

නිරෝගී වෙන්න අලිගැටපේර කන්න

   අපගේ ශරීරයට අත්‍යවශ්‍ය පෝෂක අඩංගු ආහාර බොහෝ ඇත. ඒ අතරින් අලිගැටපේරවලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. අලිගැටපේරවල මැග්නීසියම්, පොටෑසියම්, විටමින් සී, විටමින් K1, විටමින් B6 හා කාබෝහයිඩ්‍රේට අඩංගු වේ. එහෙත්, බොහෝ දෙනා, අධික කැලරි ප්‍රමාණයක් හා කොලෙස්ටරෝල් ප්‍රමාණයක් අඩංගු ය යන විශ්වාසය මත, අලිගැටපේර ආහාරයට ගැනීමෙන් වැළකී සිටී. මේ,අලිගැටපේරවල ඇති පෝෂ්‍යදායී ගුණ සමහරකි.

 කෙසෙල්වලට වඩා පොටෑසියම් අඩංගු ය
පොටෑසියම් යනු බොහෝ දෙනකුගේ සිරුරේ හිඟයක්ව පවතින පදාර්ථයකි. සිරුරේ රුධිර පීඩනය යහපත් මට්ටමක පවත්වා ගැනීමට ආධාර වන, ඔබට අවශ්‍ය පොටෑසියම් ප්‍රමාණය මේවායේ අන්තර්ගත වේ.
 තන්තුවලින් පරිපූර්ණ ය
අලිගැටපේරවල තන්තු බහුල ය. තන්තු මඟින් සිරුරේ බර, රුධිරගත සීනි ප්‍රමාණය අඩු කරන අතරම,බොහෝ රෝගවලට ඇති අවදානම ද අඩු කරයි.
කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි
දිනපතා අලිගැටපේර ආහාරයට ගැනීම මඟින් කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි. එමෙන් ම, මේවා මඟින් රුධිරයේ ඇති ට්‍රයිග්ලිසරයි හා LDL කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරයි.
 පිළිකා නාශක ගුණය ඇත
අලිගැටපේරවල ප්‍රතිඔක්සිකාරක අඩංගු වේ. මෙය සිරුරේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කරවන අතර, මේවාට පිළිකාකාරක නිදහස් අංශු හා පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව පවතී.
 ආතරයිටිස් වේදනාව සමනය කරයි
අධ්‍යනයන්ගෙන් හෙළි වී ඇත්තේ, අලිගැටපේරවල අන්තර්ගත සංයෝගයක් මඟින්, ආතරයිටිස් රෝගය නිසා හටගන්නා වේදනාව මෙන් ම, අස්ථි ඝන තද වීම නිසා ඇති වන වේදනා සමනය වන බව ය.
 වකුගඩුවලට හානි වීම වලක්වයි
අලිගැටපේරවල ඇති ඔලෙයික් අම්ලය හා ප්‍රතිඔක්සිකාරක, වකුගඩුවල හටගන්නා ආබාධවලට හොඳ ම ඔසුවකි. එමෙන් ම මේ මඟින්, දියවැඩියාවෙන් අක්මාවට වන හානි ද වළක්වයි.* නීරෝගී ඇස් හිමි කර දේ
අලිගැටපේර වල ලුටේන් හා සියැක්සන්තින් යන සංයෝග අඩංගු වේ. මේ කැරොටිනොයිඩ මඟින් අක්ෂි කාචය පරිහානිය වළක්වයි.
අලිගැට පේර, නැතිනම් අලි පේර ඉතා පෝෂදායි පලතුරකි.එහෙත්, ඔබ හිතනවාටත් වඩා අලිගැටපේර ඇට පෝෂ්‍යදායක ය. අධ්‍යයනවලට අනුව, අලිගැටපේර මදවලට හා පොතුවලටත් වඩා එහි ඇටය, පෝෂ්‍ය පදාර්ථවලින් පොහොසත් බව අනාවරණය කරගෙන තිබේ. අපේ ශරීරයට අවශ්‍ය සමස්ත දෛනික ෆයිබර් ප්‍රමාණය,අලිගැට පේර ඇටයක අඩංගු වේ. අප සාමන්‍යයෙන් ආහාරයට ගන්නා අලිගැට පේර මද හා වෙනත් එළවළුවක හෝ පලතුරක තිබෙන ප්‍රතිඔක්සිකාරකවලට වඩා, අලිගැටපේර ඇටයක ඒවා බොහෝ ප්‍රමාණයක් අඩංගු ය. ඒ විතරක් නොව, අලිගැටපේර ඇටවලින් ඔබට ලබාගත හැකි ප්‍රතිලාභ ද බොහොමයකි.
අලිගැට පේර මදයේ හා පොත්තේ අඩංගු ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණය 30% ක් වන අතර, එහි ඇටයේ අඩංගු ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණය 70% කි. හෘද රෝගවලින් අප ආරක්ෂා කිරීමට මෙන් ම, කොලෙස්ටරෝල් අවම කිරීමට හා තවත් විවිධ ලෙඩ රෝගවලින් ආරක්ෂා කිරීමට ප්‍රතිඔක්සිකාරක ඉවහල් වේ.අලිගැට පේර ඇටයේ ෆයිබර් බෙහෙවින් අඩංගු බැවින්, මළබද්දය, අතීසාරය වැනි රෝගාබාධවලින් ආරක්ෂා විය හැකි ය. මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක සංයෝගය, ඔබේ උදරයේ ඇතිවන වේදනා සමනය කිරීමට උපකාරී වන ප්‍රති වෛරස හා බැක්ටීරියා නාශක ගුණවලින් යුක්ත ය.
  අලිගැටපෙර ඇට තුළ ෆ්ලෙවනෝල් ප්‍රතිඔක්සිකාරක සංයෝගය අන්තර්ගත බැවින්,එය පිළිකා රෝගීන්ට වඩාත් යෝග්‍ය ය.එසේ ම, ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යාමට, අලිගැටපේර ඇටවලට හැකියාව ඇත.සිරුරේ හට ගන්නා වේදනා, අස්ථි රෝග වැනි රෝග අවම කර ගැනීමට මෙන් ම,ශරීරයේ බර හා ග්ලූකෝස් මට්ටම අඩු කිරීමට අලිගැටපේර ඇටවලට ඇත. ඉහත සදහන් කළ කරුණුවලට අමතරව තවත් බොහොමයක් ප්‍රතිලාබ අලිගැ පේර ඇට ආහාරයට ගැනීම මඟින් ඔබට ලබාගත හැකි ය. උපුටා ගන්නා ලදී 

Friday, July 20, 2018

A Little Animal Platypus

Platypus, (Ornithorhynchus anatinus), also called duckbill, a small amphibious Australian mammal noted for its odd combination of primitive features and special adaptations, especially the flat, almost comical bill that early observers thought was that of a duck sewn onto the body of a mammal. Adding to its distinctive appearance are conspicuous white patches of fur under the eyes. The fur on the rest of the body is dark to light brown above, with lighter fur on the underside. The platypus is common in waterways of eastern Australia, where it generally feeds on bottom-dwelling invertebrates but also takes an occasional frogfish, or insect at the water’s surface. This shy creature forages most actively from dusk to dawn, sheltering during the day in burrows dug into stream banks. It is exquisitely adapted for its aquatic lifestyle, having a flattened torpedo-like body, dense waterproof fur, and strong front limbs used for swimming as well as digging. Even the head is streamlined, each ear being housed in a groove together with a small eye. The senses of sight, smell, and hearing are essentially shut down while the platypus is submerged to feed, but it possesses a unique electromechanical system of electroreceptors and touch receptors that allow it to navigate perfectly underwater (see also electroreception). Similar electroreceptors are also present in echidnas, which, together with the platypus, make up the mammalian order Monotremata, a unique group with an exceptionally ancient history.


Thursday, July 19, 2018

Article

රාවණා රජ

    රාවණා රජ ජීවත්වූයේ යයි සැලකෙන යුගයට ඉතාමත් පසු කලෙක ලියවුනු රාමායණය නම් ග්‍රන්ථයේ රාවණා රජ නම් චරිතයක් ඇත. රාමායණයෙහි අනෙක් ප්‍රධාන චරිතය රාම රජ වේ. රාමායණය පිළිබඳ හදාරන විද්වතුන් පවසන්නේ රාම යනු ක්‍රිපූ 7 වන හෝ 8 වන සියවසෙහි ඉන්දියාවේ ජීවක්වූ සුළු නායකයෙකු බවයි. [4]). මේ අනුව රාමායණයහි චරිත අතර කාලානුරූපී ගැලපීමක් නැත. රාජාවලිය පවසන ලෙස රාවන යුගය වූයේ කිතු වසින් පෙර 19වන සියවසේය. එනම් විජයාවගමනයෙන් වසර 1844කට පෙරය.රා + වන යන බිදුමෙන් පවසන පරිදි සූර්‍ය ගොත්‍රයට අයත් යන තේරුම දෙන අතර එම නාමය කිහිප දෙනකු භාවිත කරන්නට ඇති යයි සිතිය හැකි වේ. නමුත් ඉන් රාමායනයේ එන රාවනා රජු විශිෂ්ටතමයා ලෙස සැලකිය හැකිය. රාමයනය වාල්මිකී රාමා ඔසවා තැබීමට ලියුවක් බව අතිශයෝක්තියෙන් යුක්ත බව පෙනෙන්නට ඇති බැවින් සත්‍ය තරමක් අපහැදිලි වී තිබේ. සියලු කරනා අනුව සත්‍ය මෙසේ වටහගත හැක. සීතා ඉතාමත් ලස්සන ප්‍රිය උපදවන තරුණියක වූ අතර ඇගේ දෙමාපියන් ඈ විවහ කරදෙනු පිණිස ස්ව්‍යංවරයක් කැදවූහ. සාමාන්‍ය පුරුෂයෙකුට එසවිය නොහැකි ශිව දුන්න ඔසවා එහි දුනුදිය දැමීමට හැකි සමතෙකුට සීතා සරන පාවා දීමට දෙමාපියන් තීරනය කර තිබුණ. ලංකාධිපති රාවන රජුද ඊට සහභාගී වූ නමුත් ඔහුට තරගවැදී සිතාව ලබාගැනීමට කැමැත්තක් නොවීය. ඔහුට සීතා කෙරේ අවංක ආදරයක් හටගත් නමුත් ස්ව්යිංවර නීතිය වෙනස්ම එකකි. ලක්ස්මන් සමග පැමිණි රාමා රාවනා තරම් නොවූවද ශිවදුන්න එසවීමට තරම් දක්ෂ විය. නමුත් ඔහුට එහි දුනුදිය දැමීමට නොහැකි වූ අතර දුන්න බිදී ගියාය. රාමා සීතාව අයිති කරගත්තද රාවනාගේ සිතේ ඇතිවූ ආදරයේ අඩුවක් නොවීය. සීතාගේ වාසනාව ගිලිහී ගියේ ඇයටත් නොදැනීමය. ඉන්පසු විවහ වූ දෙපලට අයෝධ්‍යාවේ වැඩි කලක් සිටිය නොහැකි විය. 
    ඒ අතර කාලයේ රාවනා දැඩි සිත්වේදනාවෙන් පෙළුනු අතර ඉන් මිදීමට භාවනාව ප්‍රගුණ කරන්නට විය. එහි ප්‍රතිපලයක් ලෙස සිත අරූපාවචර තලවලට ගැනීමට සමත් වූ ඔහු මෙතෙක් විශ්වයේ නොවූ නවතම ධර්ම රැසක් අවබෝධ කරගන්නා ලදි. අනතුරුව සුරූපී මන්දෝදරී හා විවහ වුනු රාවන සක්විති රජෙකු ලෙස කිරුළු පැළදූහ. අයෝධ්‍යාවෙන් නෙරපූ රාමා සීතා හා ලක්ස්මන රාවන රජුගේ සහොදරිය වන සුපර්ණකාගේ පාලනයේ වූ දන්ඩක වනයේ වාසස්ථානය කරගෙන විසූහ. සොර බමුණන් හා එක්ව සතුන් මරමින් අයොධ්‍යාව නැවත ඉල්ලා යාග හෝම කරන්නට විය. එය දුටු සුපර්ණකා එම ස්ථාන වටලා ඒව විනාශ කළ අතර කිපුනු ලක්ස්මන්ගේ කඩු පහරකින් ඇගේ නාසය කැපී ගියේය. පෙරළා ලංකාවට පැමිණි ඇගේ නාසය සුව කිරීමට අවශ්‍ය දැනුම පවා රාවනා සතු විය. සහෝදරියට පාළනය කරගත නොහැකිවූ තත්වය පාලනය කර වගකිවයුත්තන්ට දඩුවම් කිරීමේ අරමුණින් දඩුමොණරය නම් වූ විමානයට නැග දන්ඩක වනයට පිවිසි රාවනාට සීතා සිටින තත්වය දැක සියල්ල අමතක විය. ඔහුගේ ආදරය නැවත දලුලා වැඩුණි. තනිව සිටි සීතාවට තමාහා විවහවන්නට යෝජනා කළද සස්වාමික ඕ එය ප්‍රතිකේෂ්ප කළද රාවනා කෙරෙහි යම් ස්නේහයක් වැඩෙන්න්ට විය. රාවනද ඇගේ සුවදුක් ගැන විමසීමට නැගෙනියට පවරන ලදි. වරෙක සීතාවට මිහිපිට දිව්‍ය විමානයක් බදු ලංකාව දැකීමට අශාවක් පහළ වූ අතර එය සුපර්ණකාට පැවසීය. එයට එක් දිනක් සෑහෙන බැවින් රාම නැති අතරේ ලංකාවට පැමිනීමට ඉටගත් ඇය දිනක එය පූර්ණ කරගන්නා ලදි. එම ලංකාගමනය දුටු හනුමන් රාමා කරාගොස් සීතා රාවනාසමග පලාගිය බව පැවසීය. රාමා යනු සියුමැලි ගති මෙන්ම සිතක්ද ඇත්තෙකි. ඉක්මන් කෝපය නිසා රාවනාට විරුද්ධව යුධ ප්‍රකාශ කළහ. හනුමන් ලවා සේනවක් රැස් කරවූ ඔහු ලන්කාවට පාලම් බදින්නට වූ අතර සිය සහෝදරයගේ රජකමට ගිජුබැලුම් හෙලමින් සිටින විබීශන රාමා හා සාකච්ඡා කොට රාවන නාමය ඉතිහාසයෙන්ම අතුගා දැමීමට සැලසුම් සැකසූහ. ඒ අනුව සීතාව පැහැරගත් බවට කටකතා පැතිරුණි. ජනතාවද දේශපාලනිකව දෙකට බෙදුණි.


    නමුත් ලංකාවේ සිටිනා ඉතිහාසය පිලිබදව හදාරන විද්වතුන් පවසා සිටින්නේ රාමායනයේ ඇතැම් කරුණු වාල්මිකී විසින් සිය භුමියේ අභිමානය ඉහලට ඔසවා තැබීම උදෙසා ගොතන ලද කතා වස්තු බවයි.ඔවුන් පවසන්නේ ඉන්දියාවේ සිටිනා සුළු පාලකයෙකුට කුණ්ඩලිනි යෝගය මොනොවට වැඩු සහ චන්ද්‍රහාස් නම් වූ අසිපතේ හිමිකාරිත්වය ලැබූ රාවන මෙන් ප්‍රභලයෙකු කිසි ලෙසකින් පරාජය කල නොහැකි බවයි.තවද ඔවුන්ගේ මතයට අනුව සීතා රාවනා රජුගේ දියණිය වන බවත් රාවන රජුගේ ජ්‍යෙෂ්ඨ පුතු වූ ඉන්ද්‍රජිත් නොහොත් මේඝනාද කුමරුන්ගේ නිවුන් සොහොයුරිය වන බවත් පැහැදිලි කරගත හැකිය.සීතා කුමරියට රාවන රජු තැබූ නම සුහෙලි ලෙසින්ද ඔවුන් හදුන්වයි.ඇය ලංකාපුරයේ පා තැබුවහොත් ලංකාපුරය විනාශ වී යන නිසා අමාත්‍ය වරුන්ගේ තීරණයක් මත සුහීලී නොහොත් සීතා කුමරිය අලංකාර වූ පැසක තබා මුහුදේ පා කර යැවූ බව ඔවුන්ගේ මතය වේ.

Tuesday, July 3, 2018

Discovery

The amazing wild animal lion

     The lion typically inhabits grasslands and savannas, but is absent in dense forests. It is usually more diurnal than other big cats, but when persecuted adapts to being active at night and at twilight. In the Pleistocene, the lion ranged throughout Eurasia, Africa and North America from the Yukon to Peru. Today, it has been reduced to fragmented populations in Sub-Saharan Africa and one critically endangered population in western India.

    It has been listed as Vulnerable on the IUCN Red List since 1996, as populations in African countries declined by about 43% since the early 1990s. Lion populations are untenable outside designated protected areas. Although the cause of the decline is not fully understood, habitat loss and conflicts with humans are the greatest causes of concern.

    The lion (Panthera leo) is a species in the cat family (Felidae). A muscular, deep-chested cat, it has a short, rounded head, a reduced neck and round ears, and a hairy tuft at the end of its tail. The lion is sexually dimorphic; males are larger than females with a typical weight range of 150 to 250 kg (331 to 551 lb) for the former and 120 to 182 kg (265 to 401 lb) for the latter. In addition, male lions have a prominent mane, which is the most recognisable feature of the species. A lion pride consists of a few adult males, related females and cubs. Groups of female lions typically hunt together, preying mostly on large ungulates. Lions are apex and keystone predators, although they scavenge as opportunity allows. While lions do not typically hunt humans, some have been known to do so.




Articles

Historical Past of Sigiriya

      The environment around the Sigiriya may have been inhabited since prehistoric times. There is clear evidence that the many rock shelters and caves in the vicinity were occupied by Buddhist monks and ascetics from as early as the 3rd century BCE. The earliest evidence of human habitation at Sigiriya is the Aligala rock shelter to the east of Sigiriya rock, indicating that the area was occupied nearly five thousand years ago during the Mesolithic Period.Buddhist monastic settlements were established during the 3rd century BCE in the western and northern slopes of the boulder-strewn hills surrounding the Sigiriya rock. Several rock shelters or caves were created during this period. These shelters were made under large boulders, with carved drip ledges around the cave mouths. Rock inscriptions are carved near the drip ledges on many of the shelters, recording the donation of the shelters to the Buddhist monastic order as residences. These were made in the period between the 3rd century BCE and the 1st century CE.
     In 477 CE, Kashyapa, the king’s son by a non-royal consort, seized the throne from King Dhatusena, following a coup assisted by Migara, the King’s nephew and army commander. The rightful heir, Moggallana, fearing for his life, fled to South India. Afraid of an attack by Moggallana, Kashyapa moved the capital and his residence from the traditional capital of Anuradhapura to the more secure Sigiriya. During King Kashyapa’s reign (477 to 495 CE), Sigiriya was developed into a complex city and fortress.[1][2] Most of the elaborate constructions on the rock summit and around it, including defensive structures, palaces, and gardens, date from this period.

      The Culavamsa describes King Kashyapa as the son of King Dhatusena. Kashyapa murdered his father by walling him up alive and then usurping the throne which rightfully belonged to his half-brother Moggallana, Dhatusena's son by the true queen. Moggallana fled to India to escape being assassinated by Kashyapa, but vowed revenge. In India he raised an army with the intention of returning and retaking the throne of Sri Lanka, which he considered to be rightfully his. Expecting the inevitable return of Moggallana, Kashyapa is said to have built his palace on the summit of Sigiriya as a fortress as well as a pleasure palace. Moggallana finally arrived, declared war, and defeated Kashyapa in 495 CE. During the battle Kashyapa's armies abandoned him and he committed suicide by falling on his sword. The Culavamsa and folklore inform us that the battle-elephant on which Kashyapa was mounted changed course to take a strategic advantage, but the army misinterpreted the movement as the king's having opted to retreat, prompting the army to abandon him altogether. It is said that being too proud to surrender he took his dagger from his waistband, cut his throat, raised the dagger proudly, sheathed it, and fell dead. Moggallana returned the capital to Anuradhapura, converting Sigiriya into a Buddhist monastery complex,[4] which survived until the 13th or 14th century. After this period, no records are found on Sigiriya until the 16th and 17th centuries, when it was used briefly as an outpost of the Kingdom of Kandy.
     Alternative stories have the primary builder of Sigiriya as King Dhatusena, with Kashyapa finishing the work in honour of his father. Still other stories describe Kashyapa as a playboy king, with Sigiriya his pleasure palace. Even Kashyapa's eventual fate is uncertain. In some versions he is assassinated by poison administered by a concubine; in others he cuts his own throat when deserted in his final battle.[5] Still further interpretations regard the site as the work of a Buddhist community, without a military function. This site may have been important in the competition between the Mahayana and Theravada Buddhist traditions in ancient Sri Lanka. (Abstracted)

කිසිවෙකුට ඔබගේ හැඟීම් නොපවසන්න කිසිවිටෙකත් තර්ක නොකරන්න කිසිවෙකුගෙන් සැනසීම බලාපොරොත්තු නොවන්න... ඔබගේ සැනසීම ඔබම වන අතර  ඔබගේ සිත...