Monday, July 23, 2018

නිරෝගී වෙන්න අලිගැටපේර කන්න

   අපගේ ශරීරයට අත්‍යවශ්‍ය පෝෂක අඩංගු ආහාර බොහෝ ඇත. ඒ අතරින් අලිගැටපේරවලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. අලිගැටපේරවල මැග්නීසියම්, පොටෑසියම්, විටමින් සී, විටමින් K1, විටමින් B6 හා කාබෝහයිඩ්‍රේට අඩංගු වේ. එහෙත්, බොහෝ දෙනා, අධික කැලරි ප්‍රමාණයක් හා කොලෙස්ටරෝල් ප්‍රමාණයක් අඩංගු ය යන විශ්වාසය මත, අලිගැටපේර ආහාරයට ගැනීමෙන් වැළකී සිටී. මේ,අලිගැටපේරවල ඇති පෝෂ්‍යදායී ගුණ සමහරකි.

 කෙසෙල්වලට වඩා පොටෑසියම් අඩංගු ය
පොටෑසියම් යනු බොහෝ දෙනකුගේ සිරුරේ හිඟයක්ව පවතින පදාර්ථයකි. සිරුරේ රුධිර පීඩනය යහපත් මට්ටමක පවත්වා ගැනීමට ආධාර වන, ඔබට අවශ්‍ය පොටෑසියම් ප්‍රමාණය මේවායේ අන්තර්ගත වේ.
 තන්තුවලින් පරිපූර්ණ ය
අලිගැටපේරවල තන්තු බහුල ය. තන්තු මඟින් සිරුරේ බර, රුධිරගත සීනි ප්‍රමාණය අඩු කරන අතරම,බොහෝ රෝගවලට ඇති අවදානම ද අඩු කරයි.
කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි
දිනපතා අලිගැටපේර ආහාරයට ගැනීම මඟින් කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි. එමෙන් ම, මේවා මඟින් රුධිරයේ ඇති ට්‍රයිග්ලිසරයි හා LDL කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරයි.
 පිළිකා නාශක ගුණය ඇත
අලිගැටපේරවල ප්‍රතිඔක්සිකාරක අඩංගු වේ. මෙය සිරුරේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කරවන අතර, මේවාට පිළිකාකාරක නිදහස් අංශු හා පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව පවතී.
 ආතරයිටිස් වේදනාව සමනය කරයි
අධ්‍යනයන්ගෙන් හෙළි වී ඇත්තේ, අලිගැටපේරවල අන්තර්ගත සංයෝගයක් මඟින්, ආතරයිටිස් රෝගය නිසා හටගන්නා වේදනාව මෙන් ම, අස්ථි ඝන තද වීම නිසා ඇති වන වේදනා සමනය වන බව ය.
 වකුගඩුවලට හානි වීම වලක්වයි
අලිගැටපේරවල ඇති ඔලෙයික් අම්ලය හා ප්‍රතිඔක්සිකාරක, වකුගඩුවල හටගන්නා ආබාධවලට හොඳ ම ඔසුවකි. එමෙන් ම මේ මඟින්, දියවැඩියාවෙන් අක්මාවට වන හානි ද වළක්වයි.* නීරෝගී ඇස් හිමි කර දේ
අලිගැටපේර වල ලුටේන් හා සියැක්සන්තින් යන සංයෝග අඩංගු වේ. මේ කැරොටිනොයිඩ මඟින් අක්ෂි කාචය පරිහානිය වළක්වයි.
අලිගැට පේර, නැතිනම් අලි පේර ඉතා පෝෂදායි පලතුරකි.එහෙත්, ඔබ හිතනවාටත් වඩා අලිගැටපේර ඇට පෝෂ්‍යදායක ය. අධ්‍යයනවලට අනුව, අලිගැටපේර මදවලට හා පොතුවලටත් වඩා එහි ඇටය, පෝෂ්‍ය පදාර්ථවලින් පොහොසත් බව අනාවරණය කරගෙන තිබේ. අපේ ශරීරයට අවශ්‍ය සමස්ත දෛනික ෆයිබර් ප්‍රමාණය,අලිගැට පේර ඇටයක අඩංගු වේ. අප සාමන්‍යයෙන් ආහාරයට ගන්නා අලිගැට පේර මද හා වෙනත් එළවළුවක හෝ පලතුරක තිබෙන ප්‍රතිඔක්සිකාරකවලට වඩා, අලිගැටපේර ඇටයක ඒවා බොහෝ ප්‍රමාණයක් අඩංගු ය. ඒ විතරක් නොව, අලිගැටපේර ඇටවලින් ඔබට ලබාගත හැකි ප්‍රතිලාභ ද බොහොමයකි.
අලිගැට පේර මදයේ හා පොත්තේ අඩංගු ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණය 30% ක් වන අතර, එහි ඇටයේ අඩංගු ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණය 70% කි. හෘද රෝගවලින් අප ආරක්ෂා කිරීමට මෙන් ම, කොලෙස්ටරෝල් අවම කිරීමට හා තවත් විවිධ ලෙඩ රෝගවලින් ආරක්ෂා කිරීමට ප්‍රතිඔක්සිකාරක ඉවහල් වේ.අලිගැට පේර ඇටයේ ෆයිබර් බෙහෙවින් අඩංගු බැවින්, මළබද්දය, අතීසාරය වැනි රෝගාබාධවලින් ආරක්ෂා විය හැකි ය. මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක සංයෝගය, ඔබේ උදරයේ ඇතිවන වේදනා සමනය කිරීමට උපකාරී වන ප්‍රති වෛරස හා බැක්ටීරියා නාශක ගුණවලින් යුක්ත ය.
  අලිගැටපෙර ඇට තුළ ෆ්ලෙවනෝල් ප්‍රතිඔක්සිකාරක සංයෝගය අන්තර්ගත බැවින්,එය පිළිකා රෝගීන්ට වඩාත් යෝග්‍ය ය.එසේ ම, ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යාමට, අලිගැටපේර ඇටවලට හැකියාව ඇත.සිරුරේ හට ගන්නා වේදනා, අස්ථි රෝග වැනි රෝග අවම කර ගැනීමට මෙන් ම,ශරීරයේ බර හා ග්ලූකෝස් මට්ටම අඩු කිරීමට අලිගැටපේර ඇටවලට ඇත. ඉහත සදහන් කළ කරුණුවලට අමතරව තවත් බොහොමයක් ප්‍රතිලාබ අලිගැ පේර ඇට ආහාරයට ගැනීම මඟින් ඔබට ලබාගත හැකි ය. උපුටා ගන්නා ලදී 

4 comments:

කිසිවෙකුට ඔබගේ හැඟීම් නොපවසන්න කිසිවිටෙකත් තර්ක නොකරන්න කිසිවෙකුගෙන් සැනසීම බලාපොරොත්තු නොවන්න... ඔබගේ සැනසීම ඔබම වන අතර  ඔබගේ සිත...