ආයුර්වේද වෛද්‍ය ක්‍රමය
ආයුර් යනු ආයුෂයයි වේද යනු විද්‍යාවයි යහපත්ව ජීවත් වීමේ විද්‍යාව ආයුර්වේදයයි.ආයුර්වේදයේ මූලාරම්භය පිලිබඳ අවිනිශ්චිත බවක් දැනුනත් මිනිසා ගහ කොළ හා බද්ද වූ ආදිතම යුගය දක්වා ආයුර්වේදයේ ඉතිහාසය විහිදෙතැයි සිතිය හැක.
ඇසලත්බැලතනමුල්දෙකසමගින
නිලකටරොලුනැතහොත්තලමුල්ගෙන
සීනිදමීපැණිගිතෙලුත්සමගින
බුව, අටලොස්‌කුලමීවිසනැතිවෙන්න
තුන්බෝඅත්තනසහමුල්ගෙනයා
නැවුන්සලකලාමැටිඔඳගෙනයා
කරන්ලිපේඅන්කරදුමේයා
පොවන්කරන්අළුගෙනමෙලෙසේයා
මංචාඩියේබරකිරලාගෙනහෙව
ගිතෙල්දෙමංචාඩියසහවළඳව
අත්දුටුබේතකිපෙරඉසිපැවසුව
දැනගෙනනැතිමූසිකවිසිකරසුව
ආයුර්වේදයේ නිර්මාතෘවරයා ලෙස සැළකෙනුයේ ධන්වන්තරි මහ ඍෂි තුමාය. මෙතුමා විසින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය භාරතයේ ව්‍යාප්ත කරනු ලැබුඅතර එයින් වර්ෂ 400කට පමණ පසු උත්තර භාරතයේ ජනයා අතර උග්‍ර අයුරින් ලෙඩරෝග පැතිර යන්නට විය. එයින් පීඩාවට පත් ජනතාවට සෙත සැළසීම පිණිස එකල ජීවත්වූ මහා ඍෂිවරුන් හිමාලය පාමුල පංච නදී තීරයට එක්රැස්ව මෙය සඳහා පිළියම්සෙවූහ. එහි දී ගත් තීරණයකට අනූව භාරද්වාජ නම් මහ ඍෂිවරයාණන්ව ඉන්ද්‍රභවනයටයවා තිබේ. යථෝක්ත අවශ්‍යතාවය උදෙසා ප්‍රතිකාර පද්ධතියක් හදාරා ඒමටඉන්ද්‍රභවනට පිවිසි භාරද්වාජ මහා ඍෂිතුමා ඉන්ද්‍රදේවයාගෙන් ආයුර්වේදයමැනවින් හදාරා නැවතත් භාරත දේශයට සම්ප්‍රාප්ත වී ඇත. නැවතත් රැස් වූ මහාඍෂි සමුළුවේ දී භාරද්වාජ මහා ඍෂි තුමා තමන් උගත් ශාස්ත්‍රය සෙස්සන්ට දප්‍රගුණ කරවා ඇත. ඉන්දියානු දේශීය වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය බුද්ධ වර්ෂ 3000තරම් පැරණිඅතීතයක් ඇති ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තරම් ඈත අතීතයකට දිවෙයි. මොහෙන්ජෝදාරෝහා හරප්පා යන ඉතා හොදින් නගර නිර්මාණයක් සහිත වු ශිෂ්ටාචාරයන් මගින්ඉන්දියාවෙහි සශ්‍රික සංස්කෘතික උරුමයන් පිළිබදව සහ වැඩි දියුණු වුසනීපාරක්ෂක ක්‍රම සහිත සෞඛ්‍ය සේවයක් තිබු බවට සාක්ෂි ලබාදේ. හරප්පා නගරවලින් සොයා ගන්නා ලද නටඹුන් අනුව එහි වෛද්‍ය විද්‍යාව පැවති බවට සාක්ෂි ඇත.බුද්ධ වර්ෂ 1200 සහ 700 යන කාල වලදී චතුර්වේදයන් නිර්මාණය වුණි. රෝග පිළිබද විස්තරය, ශාක සාර ඖෂධ සහ ඒවායින් ලබාදෙන ප්‍රතිකාර ක්‍රම එම වේදහතරෙහිම විස්තර කෙරුණද ඍග් වේදයෙහි විශේෂිත සටහනක් ඇත. අතර්වන’ වේදයෙහි ශාකසාර ඖෂධ පිළිබද වර්ණනාත්මක ස්තෝත්‍ර අන්තර්ගතය. බොහෝශාක වලට දෙවියන්ට මෙන් නමස්කාර කර යාඥා කරන ලදී. මීට අමතරව සෙංගමාලයට සහවිවිධ ප්‍රවේනි ගත රෝග සදහා ප්‍රතිකාර කිරීමට විවිධ මන්තර වර්ග භාවිතාකෙරිණි. රෝග සුව කිරීම සදහා කරන ලද මැතිරීම් භයිසජ්ජ්‍යම් නම් වන අතරදීර්ඝායුෂ සහ සමෘද්ධිය ලබාදීම සදහා කරනු ලබන මැතිරීම් ආයුශ්‍යම් නම් වේ.මේවා අතුරින් ආයුශ්‍යම් පසුකාලීනව වෛද්‍ය විද්‍යාවේ දියුණුව සදහා උපකාරීවුණි.නාගර්ජුන බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයෙක් සහ විවිධ රෝගාබාධ සදහා නව ඖෂධ සොයා ගත් ප්‍රසිද්ධ ඖෂධ වේදියෙක් ලෙස සැළකේ.
ආයුර්වේදයේ දියුණුවත් සමග ආයුර්වේද විද්‍යාවේ මුලික පදනම වූ ඖෂධීය ගුණ සපිරි පැළෑටි හා තුරු ලතාවනට මිනිස් සමාජයේ වැදගත් තැනක් හිමි විය.ප්‍රාග් ඵෛතිහාසික යුගයේදී සියළුම් ඖසධිය ගුණති පැළෑටි අවට පරිසරයෙන් ලබාගත් මිනිසා පසු කලෙක ඖෂධිය උයන් වතු වගා කිරීමට පෙළඹිණි.
වේද ග්‍රන්ථ වල මෙන්ම බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ ද උයන් වතු පිළිබද සඳහන් කරයි.
එසේ බලන කල ආයුර්වේදය ස්වභාවධර්මයේ අගන තිළිණයක් ලෙසද හැදින්විය හැක.
ආයුර්වේද සම්ප්‍රදායන්
ආත්‍රෙය සම්ප්‍රදාය
ඒ අතර සිටි ආත්‍රෙය නම් මහා ඍෂි තුමා සිසු පරපුරක් බිහි කර ගනිමින්ආයුර්වේදයේ එන කාය චිකිත්සාවට ප්‍රමුඛත්වය ලබා දෙමින් අෂ්ඨ අංගයකින්සමන්විත ආයුර්වේදය ජනතාව අතර ව්‍යාප්ත කොට තිබේ. ආත්‍රෙය මහා ඍෂි තුමාගේමූලිකත්වයෙන් ක්‍රියාවට නැගුණු මෙය ඇත්‍රෙය සම්ප්‍රදාය යනුවෙන් ද හදුන්වයි.මෙහි එන මූලධර්ම ආදී අධ්‍යන අංග ආයුර්වේද නිර්මාතෘ වශයෙන් සැළකෙනධන්වන්තරින් ආයුර්වේද සම්ප්‍රදායට සමාන වේ.
මෙම සම්ප්‍රදායන් දෙක අතර ඇති එකම වෙනස වන්නේ ධන්වන්තරී සම්ප්‍රදායශල්‍ය චිකිත්සාවට ප්‍රධාන ස්ථානය දුන් අතර ආත්‍රෙය සම්ප්‍රදාය කායචිකිත්සාවට ප්‍රමුඛත්වය දීම පමණයි.
කාශ්‍යප සම්ප්‍රදාය
ඒ අතර යථෝක්ත සම්මේලනයේ දී ආයුර්වේදය උගත් කාශ්‍යප මහා ඍෂිවරයා ද සිසුපරපුරක් බිහි කර ගෙන ඇත. එය කාශ්‍යප සම්ප්‍රදාය නමින් හැඳින්විණි.
සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය
ආත්‍රෙය මහා ඍෂිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති වෛද්‍ය අධ්‍යාපනසාකච්ඡාවකට දක්‍ෂිණ භාරතයෙන් අගස්ති මුනිවරයා ද ලංකාවෙන් පුලස්ති මහා ඍෂිතුමා ද සහාභාගී වී ඇත. එහි දී ආයූර්වේදය හැදෑරු අගස්ති මුනිවරයා දක්‍ෂිණභාරතයේ විසු අසුරයන් වෙත පැමිණ එහි සුලභ බෞද්ධ සම්පත් ප්‍රයෝජනයට ගනිමින්වෛද්‍ය ක්‍රමයක් බිහි කොට ඇත. එය සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය යනුවෙන්හඳුන්වයි.
සිද්ධ වෛද්‍ය ශාස්ත්‍රය වනාහි ආයුර්වේදය මෙන්ම සම්පූර්ණ වූ විද්‍යාවකි.ආයූර්වේදයේ කාය චිකිත්සා, ශල්‍ය, ශාලාඛ්‍ය යන අංග තුන එකල ජන සමාජයෙහිබෙහෙවින් ප්‍රචලිතව ඇත. බුද්ධ කාලයේ දී දියුණූ තත්වයක පැවැති ශල්‍ය, ශාලාඛ්‍ය ක්‍රම දෙන භාරතීය බෞද්ධ සමයේ පිරිහීමක් සමගම අභාවයට පත් වී ඇත.
මෙම සම්ප්‍රදාය ද ආයුර්වේදයේ මූලධර්මයන් අනුගමනය කර ඇත. සිද්ධ වෛද්‍යසම්ප්‍රදාය ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ‛සින්දුරම්’ ප්‍රතිකාරය බෙහෙවින් දියුණුවී තිබේ. මෙම සින්දුරම් ප්‍රතිකාරය පසු කාලීනව ‛රස වෛද්‍ය ක්‍රමය’ යනනාමයෙන් ආයුර්වේදයට සංකලනය වී ඇත්තේ තව තවත් දියුණු සොයා ගැනීම්වලප්‍රතිඵලයක් ලෙසටය. මෙම සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය දක්‍ෂිණ භාරතය පුරාමප්‍රචලිත වූවක් ලෙස මෙහි දී හැඳින්විය හැකිය.
හෙළ වෙදකම
සහශ්‍ර කිහිපයක එහා අතීතයට දිවයන පුරාතන සිංහලවෙදකම ලොව අන් කවර දේශයකටත් වඩා දස දිග කිතු ගොස පතල කරමින් බැබැළිණි.බොහොමයක් දෙනා වර්තමාන ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හා සිංහළ වෙදකම පටලවා ගෙනසිටිති. මේ දෙක, එකක් නොව දෙක තුනක් බව මනා කොට අවබෝධ කර ගත යුත්තේ අප හෙළදිවයිනටම අනන්‍යවූ අනාදිමත් කාලයක සිට පැවත එන පාරම්පරික වෛද්‍යක්‍රමයක් තිබෙන හෙයිනි. වර්තමානයෙහි පාරිභාෂිත ආයුර්වේදය යනු මෙරටට භාරතදේශයෙන් ලැබුණක් විනා, අප මුතුන් මිත්තන්, මහා රාවණා යුගයේ සිට පැවතෙනපුරාණ රජවරුන් කටවහරින්, පුස්කොළ පොතින් ගෙන ආ ශාස්ත්‍රය නොවේමන්ද, වෛද්‍ය ශාස්ත්‍රයෙහි කෙළ පැමිණි වෛද්‍ය විශේෂඥයකුවූ මහා රාවණ රජු විසින් සම්පාදිත ඖෂධ ක්‍රම, ගණනින් දහසකුත් දෙකක් අඩංගුරාවණ අධිරාජප්‍රණීත අර්‍කප්‍රකාශය නම් ග්‍රන්ථයක ඇතඋතුරුඉන්දියානු ශිෂ්ඨාචාරය ඇසුරෙන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත්, දකුණු ඉන්දියානුශිෂ්ඨාචාරය ඇසුරෙන්සිද්ධායුර්වේද වෛද්‍ය ක්‍රමයත් ව්‍යාප්ත වි ඇති අතරහෙලදිව ඇතිවූ ශිෂ්ඨාචාරය තුළින් අපේ සිංහල වෙදකම බිහිවී ඇති බවට පැරණි පතපොත සාක්ෂි දෙයි.ආදී වෙදැදුරාණන් කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව, පංචශීලය පවා දිවි හිමියෙන්රකිමින් සැබෑ සත්පුරුෂයන් ආකාරයෙන් ආතුරයන් කෙරේ ඇති දයානුකම්පාවෙන්ම මේශාස්ත්‍රයෙහි ප්‍රගුණ කළාහු ඒ ඇසුරෙන් ප්‍රමාණවත් තරම් දක්ෂ ගෝලයන් පවාමෙරටට තනවා දී ජනයාගේ යහපත පිණිස යෙදෙව්වාහුය. මා මෙම පිටුවේ පළ කරන්ටනියමිත ඇතැම් බේත් ක්‍රම උඩරට සත් කෝරළේ පළාතේ ව්‍යවහාර වූ දෙයින් පත පොතටනගා ගත් පරිද්දෙන් වෙයි. I වන රාජසිංහ රජු හින්දු ලබ්ධිය වැළඳගැනීමෙන් පසුත්‍රිසිංහලයෙහි වූ අගනා ග්‍රන්ථාදිය ගිණිබත් කොට, එවන් දේ රහසින් හෝප්‍රවේශම් කරන්නවුන් හට දැඩි දඬුවම් දීමට පෙළඹුණෙන්, එකළ වෛද්‍යාචාරීහුබොහොමයක් වෛද්‍ය පොත් පත් පොළවේ වළලා දැමූ බවත්, එයින්ම හෙළ වෙදකම අභාවයටයෑමට මංපෙත් හෙළි වූ වගත් ඩී. ඇස්. මුණසිංහයන් විසින් 1947දී රචිත සර්‍පවිෂ විද්‍යාව පුස්තකයෙහි සඳහන් වේ. එරජුගේ ඇවෑමෙන් පසු නැවතත් උක්ත වෙදපරම්පරා වල ශේෂ වුවන් මෙම ශාස්ත්‍රය නගා සිටුවීමට උත්සාහ කර ඇත. එතැන්පටන් කටවහරෙන් හා භාවිතයෙන් පරම්පරානුකූලව පැවති මේ ශාස්ත්‍රය නැවතත්ලේඛනගත කර, ලක්වාසී ජනතාවගේ සුභසිද්ධිය පිණිස යොදා ගත් බව පෙනී යයි.සර්‍ප විෂ වෛද්‍ය විද්‍යාව, හන්දි වෙදකම, ඇස් වෙදකම, අත් බෙහෙත්, උමතුවෙදකම, මාන්දම් වෙදකම, පිළිකා වෙදකම, ශල්‍ය වෛද්‍යවෙදකම යනාදී අංශයන්ගෙන්අංග සම්පුර්ණ වූ අති විශිෂ්ට වෛද්‍ය ක්‍රම රැසක් අප මුතුන් මිත්තන් සතුවපැවැත්තේය